Gossips

දන්සල් 26කට තහංචි

වෙසක් සමයේ දිවයින පුරා දන්සල් 2530ක් පරීක්ෂාවට ලක් කර පාරිභෝජනයට නුසුදුසු ආකාරයට පවත්වාගෙන ගිය දන්සල් 26ක් තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ඊයේ (29) උදෑසන සිට අද (30) පෙරවරු 6 දක්වා කාලය තුල මෙම පරීක්ෂා කිරීම් සිදු කළ බවයි.
මේ අතර, වෙසක් පොහොය දිනයේ මහා පරිමාණයෙන් සූදූ ක්‍රීඩාවේ යෙදි සිටි පුද්ගලයින් 16 දෙනෙකු අක්මීමන – කැටැන්දොල ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ සිදුකළ වැටලීමකදී තවත් පිරිසක් එම ස්ථානයෙන් පැන ගොස් ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට අනිද්දා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කර තිබෙනවා.