Gossips

එප්පාවලදී කාන්තාවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට විනය පියවර ගන්නැයි පොලිස්පතිගෙන් නියෝග

එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පොලිස්පතිවරයා විසින් ඊයේ (29) දිනයේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි.
මෙම විහාරාස්ථානයේ විහාරාධිපති ධූරයේ මීට පෙර කටයුතු කළ භික්ෂුන්වහන්සේ නමක් යළිත් එම විහාරස්ථානයට පැමිණීමට එරෙහිවයි ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වූයේ පෙරේදා දිනයේදියි.
එම විරෝධතාවය මැඬ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගත්තා.