Gossips

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව

හෙළයේ මහා සිනමාවේදී ජගත් කීර්තිධර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මිය යන විට 99 වන වියේ පසුවුණා.
ඔහුගේ දේහය මේ වන විට කොළඹ – 5, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.