Gossips

සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන, හිසට සෙවනක් නොමැති යුවළ

තම හිසට සෙවනක් නොමැති වුවත් උපයාගන්නා දෙයින් සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන යුවළක් පිළිබද කෝට්ටේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.
කොට්ටේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයත් රාජගිරිය කොළඹ ප්‍රධාන මාර්ගය යාකරන මගී මන්තිරුවක් අසන්නයේ ඇති මෙම ස්ථානය සිය නිවහන කරගනිමින් මෙම යුවළ වසර ගණනාවක සිට ජීවත් වෙනවා.
ආර්ථික අගහිගකම් රැසක් මධ්‍යයේ සිය ජීවිකාව ගෙන ගියත් විවිධ තරාතිරම්වල පුද්ගලයින් විසින් අතහැර දමනු ලැබූ සත්වයන්ට මෙම දෙපළ දක්වන්නේ දැඩි ලෙංගතුකමක්.
ඒ සදහා ඔවුන්ට යම් පමණකින් හෝ සහයක් වන්නේ සිගමන් යැද සිය ජීවිකාව සරිකරගන්නා ඔවුන්ගේ වයෝවෘද්ධ මෑණියන්.