Gossips

දැවී අළුවූ උඩු මහල (ඡායාරූප)

මාතර, කිංග්ස් වත්ත ප්‍රදේශයේ වෙළඳසැලක උඩු මහලක අද (29) සවස ගින්නක් හටගෙන තිබෙනවා.
මාතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ මාතර පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම ප්‍රදේශයට අද පස්වරුවේ හටගත් වැසි තත්වය සමඟ ඇතිවූ අකුණු ගැසීම් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට සැක පලකරනවා.
ගින්නෙන් වෙළඳසැලට සිදුවූ හානිය තවමත් තක්සේරුකර නැහැ.


ඡායාරූප – මාතර, අදීෂ ආරියතිලක