Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයක

නව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මැදපෙරදිග සංචාරයක් අරඹමින් ඊයේ (28) සෞදි අරාබියට පැමිණියා.
ඉරානයට එරෙහිව පැනවීමට අපේක්ෂා කරන සම්බාධක සඳහා සිය මිතුරු රටවල සහය ලබාගැනීම එහි අරමුණයි.
සෞදි අරාබියේ රියාද් නුවර සිට ඔහු ඊශ්‍රායලයේ ජෙරුසලම් පුරවරයට සහ ජෝර්දානයේ අම්මාන් නුවරටද යාමට නියමිතයි.
ට්‍රම්ප් පරිපාලනයේ නව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස දිවුරුම් දී දින 02 කට පසුවයි ඔහු මෙම සංචාරය ආරම්භ කළේ.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට අදහස් කරන ට්‍රම්ප් පරිපාලනය, මේ වනවිට ඒ සම්බන්ධයෙන් යුරෝපා රටවල් සමඟද සංවාදයක නිරතවනවා.
කෙසේ නමුත් මෙතෙක් ඊට ප්‍රංශය සහ ජර්මනිය කැමැත්ත පළ කර නැහැ.