Gossips

තමිල්නාඩුවේදී එල්.ටී.ටී.ඊ. අනුගාමිකයන් 4 දෙනෙකුට සිර දඩුවම්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුගාමිකයන් හතරදෙනෙකුට තමිල්නාඩු අධිකරණයක් මගින් ඊයේ සිර දඩුවම් නියම කළා.
රාමනාදපුරම් අධිකරණයේදී මොවුන්ට එරෙහිව නැගුනු චෝදනාව වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත අවි ආයුධ රැස් කොට ඒවා ශ්‍රී ලංකාවට රහසිගතව රැගෙන යාමට උත්සාහ කිරීමයි.
ක්‍රිෂ්ණකුමාර්, සුභාෂ්කරන්, රාජේන්ද්‍රන් සහ ශෂිකුමාර් නැමති මොවුන් හතරදෙනා 2014 වසරේ රාමේෂ්වරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.
ඉන් ක්‍රිෂ්ණකුමාර් සහ සුභාෂ්කරන්ට රාමනාදපුරම් දිසා අධිකරණය මගින් වසර 10 බැගින් සිර දඩුවම් නියම කරනු ලැබුවා.
රාජේන්ද්‍රන්ට එහිදී තුන් වසරක සිර දඩුවමක් නියමවූ අතර, ශෂිකුමාර්ට නියම කර ඇත්තේ මාස 6 ක සිර දඩුවමක්.
මීට අමතරව මොවුන්ට දඩ මුදල්ද නියම කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත පණ ගැන්වීම සඳහා මොවුන් හතරදෙනා ජී.පී.එස්. පද්ධති සහ සයිනයිඩ් කරල් එක්රැස් කර ඇති බව පී.ටී.අයි. ඉන්දීය ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.