Gossips

ගුරුවරුන් 10 ට අඩු පාසල් 3148 ක්

මෙරට රජයේ පාසල් 3148 ක් ගුරුවරුන් 10 දෙනෙකුට අඩු සංඛ්‍යාවකින් ක්‍රියාත්මක වන බව හෙළිවී තිබෙනවා.
මහ බැංකුව නිකුත් කළ 2017 වාර්ෂික වාර්තාවට අනුව එම දත්ත අනාවරණ වී ඇති අතර, එය මෙරට ගුරු හිඟය පිළිබඳ පිළිබිඹුවක් ලෙස සැළකිය හැකියි.
වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම ඇතුලූ පියවර රැසක්ම රජය විසින් ගනු ලැබූවද මෙලෙස පාසල්වලට ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් නොමැතිවීම අධ්‍යාපන ප්‍රමිතිය පහත වැටීමටද බලපානු ඇති.
පාසල්වල වෘත්තිය අධ්‍යාපන විෂය ධාරාව පසුගිය වසරේදී තෝරාගත් පාසල් 42 ක ආරම්භ කෙරුණා.
ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2018 වසරේදී අනිවාර්ය විෂයන් 9 ක් සහ වෘත්තිය විෂයන් 26 ක් ඇතුළත් නව විෂය ධාරාව සංවර්ධනය කර තිබෙනවා.
ගුරුවර ගුරුවරියන් 522 කු පුහුණු කිරීමද එම වැඩසටහනට ඇතුළත්.
මෙම නියමු ව්‍යාපෘතිය මේ වසර තුළදී පාසල් 150 ක ක්‍රියාත්මක කෙරෙන අතර 2019 වසරේදී පාසල් 500 ක සහ 2020 වසරේදී පාසල් දහසක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
2017 මහ බැංකු වාර්තාවට අනුව පසුගිය වසරේදී පාසල් නිල ඇඳුම් වැඩසටහන තුළින් ළමයින් 43 ලක්ෂයකට නිල ඇඳුම් ලබාදී ඇති අතර, ළමයින් හයලක්ෂ 50,000 කට පාවහන් ලබාදී තිබෙනවා.