දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මීලි මීටර් 75 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.
මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් මැදගම ප්‍රදේශයේදී විශාල ගලක් පෙරලි ඊයේ පස්වරුවේ අවහිර වු මොරවක – නෙළුව ප්‍රධාන මාර්ගය මේ වන විට සැහැල්ලූ වාහන සදහා පමණක් විවෘත කර තිබෙනවා.
එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් ඊයේ පස්වරුවේ විවෘත කළ උඩවලව ජලාශයේ වාන් දොරටු මේ වන විට වසා දමා ඇති බව සඳහන්.
වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රත්නපුර දිස්ත්‍රික්කයට නිකුත් කළ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.