Gossips

ඉන්දීය නාවික හමුදා ගුවන් යානයක් රුසියාවේදී හදිසියේ ගොඩබස්සවයි

වැඩිදියුණු කිරීම සඳහා රුසියාවට යවනු ලැබූ ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානයක් මොස්කව් නුවර අසළදී ඊයේ හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.
රුසියානු මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි අයි.එල්. 38 වර්ගයේ මෙම ගුවන් යානය පරීක්ෂා කිරීම සඳහා ගුවනට නංවා ඇත්තේ හත්දෙනෙකුගෙන් යුත් රුසියානු කාර්ය මණ්ඩලයක් යටතේයි.
එහෙත් යානයේ එන්ජිමේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය හදිසියේ ගොඩබස්සවා ඇති අතර, එහිදී යානයටද හානි සිදුව ඇති බව සඳහන්.
කෙසේ නමුත් එහි සිටි රුසියානු කාර්ය මණ්ඩලයට ඉන් හානියක් සිදුවී නැහැ.
ඉන්දියාව සහ රුසියාව පසුගියදා දෙරට අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ ගිවිසුමකට ද එළඹුණා.
ඉන්දියාව මේ වනවිට භාවිත කරන යුධෝපකරණ බොහොමයක් රුසියානු සම්භවයක් සහිත ඒවායි.