Gossips

වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී රියේ ගුරුවරයාගෙන් පාපොච්චාරණයක්

මහියංගනය වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා ඊයේ රාත්‍රියේ පොලීසිය අත්අඩංගුවට ගත්තා.
ඒ පැය 9කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
මොහු ඊයේ උදෑසන 11 ට පමණ මහියංගනය පොලීසියට භාර වුණා.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට නින්දයාම හේතුවෙන් මෙලෙස ජීප් රථය වියානි ඇළට පෙරළුනු බවයි.
කෙසේ වෙතත් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම පුද්ගලයා පාපොච්චාරණය කර ඇත්තේ තමන්ට මුහුණදීමට නොහැකි පෞද්ගලික ගැටළු කිහිපයක් හේතුවෙන් මොණරාගල ප්‍රදේශයේ නවාතැන්පළක දින කිහිපයක් නැවතී සිටි බවයි.
ඒ අනුවයි පොලීසිය නොමඟ යැවීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මහියංගනය – මාපාකඩවැව – 17 කණුව ප්‍රදේශයෙන් අදාළ ජීප් රථය වියානි ඇළට පෙරලී තිබුණේ පසුගිය 26 වනදායි.