Gossips

ගෝලීය උණුසුම පාලනයට නව උත්සාහයක්

ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා තීරණාත්මක සමුළුවක් ලබන සඳුදා ජර්මනියේ බොන් නුවරදී ඇරඹෙනවා.
එහිදී කාලගුණ වෙනස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශවකරුවන් ගෝලීය උණුසුම ඉහළ යාම සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1.5 ක සීමාවේ රඳවාගැනීම සඳහා වූ සිය සැළසුම් ඉදිරිපත් කරනු ඇති.
පෘථිවිය සුරක්ෂිතව පවත්වාගැනීම සඳහා එම ඉලක්කය සාක්ෂාත් කරගත යුතු බව දැනට තහවුරු වී ඇති කරුණක්.
බොන් සමුළුව පැවැත්වෙන්නේ ලබන දෙසැම්බරයේ පෝලන්තයේ පැවැත්වීමට නියමිත කාලගුණ වෙනස පිළිබඳ තීරණවලට එළඹිය හැකි ජගත් සංවිධාන ඉහළම සමුළුවට ප්‍රවේශයක් ලෙසයි.
මිහිතලයේ උණුසුම ඉහළ යාම හේතුවෙන් ධ‍්‍රැව අයිස් දියවී දූපත් රාජ්‍ය යටවීමටත් විපරීත කාලගුණය ලොව පුරා ඇතිවීමටත් හේතුවන බව පරිසරවේදීන්ගේ මතයයි.