Gossips

උතුරු කොරියාව සමඟ සාකච්ඡා ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා ඉදිරි සති තුන හෝ හතර තුළ පැවැත්වීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එය කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ජනපති ට්‍රම්ප්ගේ නව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ පසුගියදා උතුරු කොරියාවේදී තමා එරට නායක කිම් ජොං අන් සමඟ සුබවාදී සංවාදයක නිරතවූ බවයි.
උතුරු කොරියානු නායකයා පසුගිය සිකුරාදා දේශසීමාව තරණය කොට දකුණු කොරියාවට පැමිණ එරට ජනාධිපති මූන් ජේ ඉන් සමඟ සාකච්ඡාවක නිරතවුණා.
1953 වසරේ කොරියානු යුද්ධය නිමවීමෙන් පසු එරටට පැමිණි ප්‍රථම උතුරු කොරියානු නායකයා ඔහුයි.