Gossips

සංඝරත්නයේ අනුශාසනා පරිදි රටේ යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි

මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා අනුව රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය – දේවගිරි පුරාණ රජමහා විහාරයේදී අද (28) අමතමින්.
එහිදී මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් අනුශාසනාවක් සිදුකරමින් කියා සිටියේ සියලූ ආගම්වලට ආරක්ෂාව සලසා දීම තවදුරටත් ව්‍යවස්ථාවෙන් පවත්වා ගත යුතු බවයි.