Gossips

Update : වියානා ඇලට වැටුනු මෝටර් රථය හිමි උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට

වියානා ඇලට පෙරලී තිබූ මෝටර් රථයේ හිමිකරු වන උපකාර පංති ගුරුවරයා පොලිස් අත්ඩඅඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු අද පොලිසියට භාරවීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි.
මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය පොලීසියට භාර වුණා.
මහියංගනය – මාපාකඩවැව – 17 කණුව ප්‍රදේශයෙන් අදාළ ජීප් රථය වියානි ඇළට පෙරලී තිබුණේ පසුගිය 26 වනදායි.
Update : Saturday, 28 April 2018 – 20.16
———————————————————————-
වියානා ඇළට පෙරලුනු වාහනය හිමි ගුරුවරයාගෙන් ප්‍රශ්ණ කිරීම තවදුරටත්
මහියංගනය වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයාගෙන් පොලීසිය මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා.
මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය පොලීසියට භාර වුණා.
මහියංගනය – මාපාකඩවැව – 17 කණුව ප්‍රදේශයෙන් අදාළ ජීප් රථය වියානි ඇළට පෙරලී තිබුණේ පසුගිය 26 වනදායි.