Gossips

අනවසර අලි අගල් නිසා ගොවීන් අසීරුතාවක

හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළිකලේ වන අලින්ගෙන් පොල් ඉඩම් රැකගැනීමට බව පවසමින් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුගේ මැදිහත්වීම මත අලි අගල් කැපීමේ සිද්ධියක් පිළිබදවයි.
කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසරයක් නොගෙන සිදුකළ මෙම මහා පරිමාන අගල් කැපීම හරහා අහස් දියෙන් කුඹුරු අස්වද්දන පිරිස් ඉදිරියේදී දැඩි අපහසුතාවට ලක්වන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
ඔවුන් ප්‍රකාශ කලේ පෙර වැසි කාලවලදී තම කුඹුරුවල රැදෙනා අහස් දියල මෙම අගල්වලට ගලා බැසීම හේතුවෙන් ජලය ලබාගැනීමේදී දැඩි දුෂ්කරතා මතුවන බවයි.
හිරු සී.අයි.ඒ කණ්ඩායම මේ පිළිබද සොයා බැලීමට එහි ගිය අවස්ථාවේ මහකුඹුක්කඩවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් ද මේ පිළිබද සොයා බැලීමට පැමිණ සිටියා.
ඔවුන් පැවසුවේ මෙය නවතා දමන ලෙස දැනුම් දුන්න ද අගල් කපන පුද්ගලයින් ඊට අවනත නොවු බවයි.