Gossips

වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ රථ වාහන සැලැස්මක්

වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.
ඒ අනුව මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර රථ ගාල් කිහිපයක් ද හඳුන්වාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොම්පඤ්ඤවීදිය, ශ්‍රීමත් ජේමිස් පීරිස් මාවත, පෙරහැර මාවත, සිරි උත්තරානන්ද මාවත, බේබෲක් ප්ලේස්, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත යන මාර්ගවල හෙට සිට ලබන මැයි මස 2 වනදා දක්වා රාත්‍රී 7 න් පසු වරින් වර වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එම කාලය තුල මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබීමට හෝ වාහන එක් අතකට ධාවනය කරවීමට සිදුවනු ඇතැයි ද පොලිසිය සඳහන් කළා.
එවැනි අවස්ථාවලදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් විසින් වාහන විකල්ප මාර්ගවලට යොමුකරනු ඇති.