Gossips

පක්ෂ නායකත්වයට කිසිවෙකු ඉදිරිපත් වුයේ නෑ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට වෙනත් කිසිවෙකු තුළ අදහසක් නොතිබූ බව නව මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (28) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින්.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා නායකත්වය සඳහා ඉදිරිපත් වීමට කාගේ හෝ අදහසක් තිබේද යන්න විමසා සිටි බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.