Gossips

මාලදිවයිනේ අගවිනිසුරුවරයාත් අත්අඩංගුවේ

මාලදිවයිනේ අගවිනිසුරු අබ්දුල්ලා සයීඩ්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නියෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ (05) මාලදිවයින පුරා හදිසි නීතිය පැනවූ ජනාධිපති යමීන්, හිටපු ජනපති අබ්දුල් ගයුම් ද අත්අඩංගුවට ගත්තා.
මාලදිවයිනේ මෙම අර්බුදකාරි තත්ත්වය පැන නැගුණේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඞ් ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් අනතුරුවයි.
මාලදිවයිනේ තත්ත්වය පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අදහස් දැක්වූ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සදහන් කළේ මාලදිවයිනේ තත්ත්වය පිළිබදව ලෝකය අවධානයෙන් සිටින බවයි.