Gossips

ඉදිරි පැය 9 තුළ පළාත් 5 කට තද වැසි

ඉදිරි පැය 9 තුලදී පළාත් 5 කට සහ දිස්ත්‍රික්ක 4 කට ගිගුරුම් සහිත තද වැසි සමග සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වලටත් ගාල්ල, මාතර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි සහ සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.