දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන කිලෝමීටර් කණුව අසළ දී අද උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මීගහතැන්න ප්රදේශයේ සිට කතරගම බලා වන්දනා ගමනක නිරතව සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 20කට වැඩි ප්රමාණයක් සිට ඇති අතර ඉන් තුවාල ලැබූ 18 දෙනෙකු බද්දේගම රෝහලට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
බස් රථයේ ටයරයක් පුපුරා යාම එය පෙරලී යාමට හේතුවයි.