Gossips

ගිරිදුරුකෝට්ටේදී ලොරි රථයක, වන අලියෙකු ගැටේ

මහියංගනය – ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ හත්දත්තාව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් හතර දෙනෙකු තුවාල ලබා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මැදිරිගිරිය – දිවුලන්කඩවල ප්‍රදේශයේ සිට වැල්ලවාය දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක්.
කලක සිට මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙලෙස වන අලි රංචු හැසිරීම හේතුවෙන් ගම්වාසීන් පීඩාවට පත්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.