Gossips

දන්සල් 2625ක් ලියාපදිංචියට

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 2625 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් බී.එම්.එම්. බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දන්සැල් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව අද (28) දිනයේ ස්ථානීය පරීක්ෂාවන් සිදු කෙරෙන බවයි.
එමෙන්ම හෙට (29) සහ අනිද්දා (30) දෙදින තුළ දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළා.
එසේම දන්සැල් ලියාපදිංචිය අත්‍යාවශ්‍ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
මේ අතර වෙසක් සතියේ කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ නගරයේ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 3000 ක් පමණ යෙදවීමට සැළසුම් කර ඇති බවයි.
මේ අතර, වෙසක් සතිය නිමිත්තෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ගමනාගමන පහසුකම් ද සලසා තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි සඳහන් කළේ අතිරේක බස් රථ 100ක් පමණ මේ සඳහා යොදවා ඇති බවයි.
වෙසක් සතිය නිමිත්තෙන් කොළඹ – කොටුවේ සිට විවිධ ගමනාන්ත ඉලක්ක කරගෙන අද සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියා.