Gossips

මෝදි – ෂී – ජින්පින් බෝට්ටු සවාරියක

චීන ජනාධිපති ෂී – ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දෙවන දිනයේ සාකච්ඡා චීනයේ වූහාන් හිදී අද (28) පැවැත්වෙනවා.
ඔවුන් අතර පසුගිය පැය 24 තුළ සාකච්ඡා වට 06ක් පැවැත්වුණු අතර එහිදී වෙළදාම, ක්‍රමෝපාය, හමුදා සබඳතා, සංචාරක කර්මාන්තය සහ කලාපීය කරුණු පිළිබදව අදහස් හුවමාරු වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
චීනයේ සුප්‍රකට නැගෙනහිර විල් තීරයේ නායකයන් දෙදෙනා අද දීර්ඝ සක්මන් සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.
ඉන් පසු ඔවුන් එක්ව බෝට්ටු සවාරියකට ද සහභාගි වූ බව සදහන්.
පසුගිය වසරේදී ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ උණුසුම් වාතාවරණයක් පැන නැගුණා.
එමෙන්ම චීනය සිය නව සේද මාර්ගයට පාකිස්තානය ඈදා ගැනීම පිළිබදව ඉන්දියාව පසුවන්නේ නොසතකුටින්.
එම තත්ත්වය හමුවේ ඉන්දු – චීන නායකයන් අතර පැවැත්වෙන මෙම සමුළුව විශේෂ වැදගත්කමකින් යුක්තයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ එවැනි නිළ නොවන සමුළුවක් ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.