Gossips

ශ්‍රී ලංකා – පාකිස්තාන වෙළද පිරිවැටුම ඩොලර් බිලියනය දක්වා නංවන සැලසුම්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වාර්ෂික ද්විපාර්ශවික වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවීමට හැකි වනු ඇතැයි මෙරට පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ෂහිඩ් අහමඩ් හෂ්මට් විශ්වාසය පළ කළා.
ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා – පාකිස්තාන ව්‍යාපාරික සහයෝගීතා සමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙරටේ ව්‍යාපාරික හැකියාවන් ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවයි.
පාකිස්තානය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 300ත්, 400ත් අතර අපනයන ශ්‍රී ලංකාවට සිදුකරන අතර, ශ්‍රී ලංකාව පාකිස්තානට අපනයනය කරන්නේ ඩොලර් මිලියන 80ක් පමණ භාණ්ඩ ප්‍රමාණයක්.
එම පරතරය පියවීම සඳහා ඉදිරි දෙවසර තුළ දී පාකිස්තානය වෙත සිදුකෙරෙන ශ්‍රී ලාංකික අපනයන ඉහළ නැංවනු ඇතැයි අපේක්ෂා කරන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.