Gossips

ලක්ෂ 89ක රත්‍රං තොගයක් සමඟ සිව් දෙනෙකු රේගු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 89ක් වටිනා රත්‍රං තොගයක් ඉන්දියාවේ මුම්බායි නුවර බලා රැගෙන යාමට පැමිණි කාන්තාවන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කළේ ඊයේ (27) රාත්‍රියේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් ගාල්ල, කොළඹ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.
වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් රේගු භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන බව ගුවන් තොටුපළ රේගුව සඳහන් කළා.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල