Gossips

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ගවර්ස් සමාගමට එරෙහි නඩුව 16 වන දා සිට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුව මේ මස 16 වනදා සිට විභාග කිරීමට අද, දින නියම කෙරුණා.
ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.