Gossips

ඓතිහාසික සමුළුවෙන් – කොරියාවට සාමය

උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියාවට පැමිණ ඊයේ පැවැත්වූ ඓතිහාසික සමුළුවේදී කොරියානු අර්ධද්වීපයේ තිරසාර සාමය උදෙසා වැදගත් වන පියවර රැසකටම එළඹී තිබෙනවා.
1953 වසරේදී කොරියානු යුද්ධය නිමවීමෙන් අනතුරුව ඇති කර ගත් සටන් විරාමය, සාම ගිවිසුමක් බවට පත් කිරීම ඉන් ප්‍රධානයි.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට ද නායකයන් ඊයේ එකඟත්වය පළ කළා.
දෙරට අතර ගැටුමකට ආසන්නව පැවති උණුසුම්කාරී වාතාවරණයකින් අනතුරුව මෙම සමුළුව පැවැත්වීම ද විශේෂත්වයක්.
සාකච්ඡාවෙන් අනතුරුව පැවති භෝජන සංග්‍රහයේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් වෙත උතුරු කොරියානු නායකයා ප්‍රහසනයක් ද ඉදිරිපත් කළා.
එහිදී ඔහු කියා සිටියේ මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා අලූයම් කාලයේ අවදි කිරීම ගැන තමා සමාව අයදින බවයි.