Gossips

කොල්ලකෑමේ සිද්ධියකට, හොරොව්පතානේ එජාප සභාපති ඇතුළු 6ක් රිමාන්ඩ්

මුදල් කොල්ල කෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති තාරුක උදයංග විජේරත්න ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හොරොව්පතාන – වාගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි සමිතියක පිරිසක් සමඟ මොවුන් පසුගිය දා ගැටුමකට සම්බන්ධ වුණා.
එම ප්‍රදේශය හරහා ගමන් කරන වැලි ලොරිවලින් මුදල් අය කිරීමේ සිද්ධියකට අදාළව ඇති වූ මෙම ගැටුමේදී සභාපතිවරයා ඇතුළු පිරිස රුපියල් හාරලක්ෂ 40,000ක පමණ මුදලක් කොල්ල කා ඇති බවටයි වැලි සමිතියේ නියෝජිතයින් විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
ඒ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අමතරව ප්‍රාදේශීය සභාවේම ආදායම් පරිපාලකවරයා මෙන්ම රියදුරන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.