Gossips

එළවළු මිල පහත වැටීම පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක්

එළවළු මිල පහත වැටීම හේතුවෙන් ගොවීන් මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් විසදුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී එළවළු වර්ග සමූපකාර හරහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ඒ සඳහා ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.