Gossips

ජපානයට යැවූ තේ තොගය ප්‍රතික්ෂේප වෙයි

ප්‍රමිතියට වඩා වැඩි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගුවීම හේතුවෙන් රුපියල් බිලියනයක වටිනාකමකින් යුතු තේ තොගයක් ජපානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කළේ මෙම රසායනිකය නිසා මෙරට තේ යුරෝපා වෙළෙඳ පොළෙන්ද ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ඇති බවයි.
මෙරට වගා කරන තේ සඳහා MCPA නැමති වල් නාශකය යොදා ගැනීම ආරම්භ වූයේ ග්ලයිෆොසෙට් තහනමත් සමඟින්.
ඉන් මෙරට තේවල MCPA රසායනිකය ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ජපානයට අපනයනය කළ තේ ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඒ, එරට ප්‍රමිතීන් ඉක්මවා MCPA රසායනිකය ශ්‍රී ලංකා තේවල අඩංගුවීම හේතුවෙන්.
– ලුසිල් විජේවර්ධන – සභාපති ශ්‍රී ලංකා තේ මණ්ඩලය
– මේ නිසා රුපියල් බිලියනයක වටිනාකමින් යුත් තේ තොග ප්‍රතික්ෂේප වුණා. ඉන් සමහරක් බ්ලෙන්ඩ් කරලා පැකින් කරලා තියෙන නිසා ඉවත දාන්න වෙනවා. ජපානය ගන්නේ ඉහළ වටිනාකමකින් යුත් තේ වර්ග. මේ වගේ වෙළෙඳ පොළක් අහිමි වීම නිසා අපිට ලොකු පාඩුවක් වෙනවා. ඒ වගේම අද ජපානය වෙන්න පුළුවන්. හෙට යුරෝපයටත් මේ ප්‍රශ්නය එන්න පුළුවන්. පවතින තත්ත්වයට තාවකාලික විසඳුමක් ලෙස MCPA රසායනිකය නොයෙදූ තේ
වතුවලින් ලබාගන්නා තේ පමණක් අපනයනය සඳහා යොදාගැනීමට තීරණය කර තිබෙනවා.
– අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා අවුරුදු 2 ක් ග්ලයිෆොසෙට් පාවිච්චි කරන්න, ඒ කාලය තුළදී අපි විකල්ප සොයා ගන්නවා. ඊට අමතරව ඒ පාවිච්චි කරන ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් අපි වෙනදට වඩා වගකීමක් ගන්නවා.
– නවීන් දිසානායක
– දැනට අපි ජනාධිපතිතුමාත් එක්ක ඊයේත් සාකච්ඡාවක් කළා. මේකට එකම විකල්පය තමයි ඒ ගොල්ලො පිළිගත යුතු වල් නාශකයක් පාවිච්චි කරන එක. ඉතින් අපි එතනට යන්න අවශ්‍යයි. අපිට හොඳ තීරණයක් ළඟදීම ගන්න පුළුවන් වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ග්ලයිෆොසෙට් තහනම වෙනුවෙන් ක්‍රියා කළ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙලෙස අදහස් පළ කළා.
– පූජ්‍ය අතුරලියේ රතන හිමි
– අක්කර 5 ක පමණ තේ වගාව පවතිනවා. මධ්‍ය කඳුකරයට ගහන විවිධ රසායනික ද්‍රව්‍ය සෝදාගෙන ඇවිල්ලා ගංගා දහරා දිගේ අපට පානය කරන්න ලැබෙනවා. තේ වගාවේ ලැබෙන බිලියන 1.5 ක පමණ ලාභයට වඩා වැදගත් වෙන්නේ රටේ ගොවි ජනතාවට අත්වෙලා තියෙන ඉරණම. විශේෂයෙන් අපි කැබිනට් එකේ සාකච්ඡා කළා කැබිනට් උප කමිටුවක් පත් කළා කියලා. එහෙනම් ඒ උප කමිටුව තුළ සාකච්ඡා කරන්න ඕනේ මොකක්ද කුමක්ද මේකට කරන්න ඕනේ දේ. ඉතින් මට බලහත්කාරයෙන් ග්ලයිෆොසෙට් නවත්තගෙන ඉන්න ඕනේ කමක් නැහැ.