Gossips

කඩුවෙල සිට හේවාගම දක්වා මාර්ගය පැය දෙකක් වැසේ

කඩුවෙල – මහමෙව්නා භාවනා අසපුවේ පෙරහර මංගල්‍යයක් හේතුවෙන් කඩුවෙල නගරයේ සිට හේවාගම අධිවේගී මාර්ග ගුවන් පාලම දක්වා කොටස අද (28) පස්වරුවේ පැය දෙකක කාලයක් වසා තැබෙනවා.
පොලීසිය සඳහන් කළේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බවයි.
ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.