Gossips

ත්‍රස්තවාදීන් අතරට වැටුණු 33 හැවිරිදි ගුවන් නියමුවාගේ අවසානය

සිරියාවට කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානයක සිටි ගුවන් නියමුවෙක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අත් බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් අදාල ගුවන් නියමුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දා සිරියානු කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙලන ලද ගුවන් යානයේ සිටි නියමුවා අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.
දිවි ගලවා ගැනීමට සමත් වූ නියමුවා කැරළිකරුවන් සිටින ප්‍රදේශයකට වැටී ඇති අතර එහිදී කැරළිකරුවන් විසින් ඔහුව වටකර ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ගුවන් නියමුවා කැරළිකරුවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර කැරළිකරුවන් ඔහුව හසුකර ගැනීමට යාමේදී ඔහු විසින් අත්
බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
යුධ රහස් කැරළිකරුවන් අතට පත්වීමට නොදී ඔහු සිදුකළ වීර ක්‍රියාව හේතුවෙන් 33 හැවිරිදි රෝමන් ෆිලිපොව් නමැති මෙම මේජර්වරයා රුසියානු යුධ වීරවරයෙකු ලෙස නම් කර තිබෙනවා.
මේ අතර සිරියාවට ඉහළින් පියාසර කරන තම යුද ගුවන් යානා සඳහා රුසියාව නව නීති පනවා තිබෙනවා.
ඒ අනුව සිරියාවට ඉහළින් පියාසර කිරීමේදී අඩි 16,000කට වඩා ඉහළින් පියාසර කරන ලෙසයි අදාළ නියෝගයෙන් දැනුම් දී ඇත්තේ.
අදාල අවස්ථාව පහතින්.