Gossips

ඇමති නිමල් සිරිපාලගෙන් දෝස් මුරයක්

මැයි රැළියෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ගමනක් ආරම්භ කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මැයි දින සැමරුම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට මෙහිදී ප්‍රශ්න කිහිපයක් ද යොමු කළ අතර, ඔහු ඇතැම් අවස්ථාවලදී ආවේගකාරීව පිළිතුරු ලබාදීම විශේෂත්වයක්.
මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මැයි රැළිය සඳහා ජනතාව රැගෙන යන්නේ කෙසේදැයි විමසා සිටි අතර එහිදී බස් මගින් ජනතාව ගෙන යන බව ඔහු ආවේගශීලීව ප්‍රකාශ කළා.