Gossips

විපක්ෂ නායක වෙන්න දිනේෂ් සූදානම්

තමන් විපක්ෂ නායක ධුරය භාර ගැනීමට සූදානම් බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, වැඩිම මහජන මතයක් නියෝජනය වන දේශපාලන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
අදට යෙදී ඇති ඔහුගේ 65 වන ඡුන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවති ලේ දන්දීමේ පිංකමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.