ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉදිරි තරගවලින් දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඉවත්කර තිබෙනවා.
දකුණු අතේ හටගත් ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ඉවත් කර ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ.
ඒ අනුව ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට ද ඔහු එක් නොවන බව ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.
සෙන්චුරියන්හිදී පැවති දෙවන එක්දින තරගයේදීයි ක්වින්ටන් ඩි කොක් ආබාධයකට ලක්වුනේ.
ආබාධය සුව වීමට නම් සති 4 ක පමණ කාලයක් ගතවනු ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.
ඒ අනුව ඔහුට මාර්තු පළමුවනදා ආරම්භ වන ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ද එක්වීම සැක සහිත බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 6 ක් පැවැත්වෙනවා.
ඉන් තරග 2 ක් අවසන්වී ඇති අතර තුන්වන තරගය හෙට පැවැත්වෙන්නේ කේප්ටවුන්හිදීයි.
ක්වින්ටන් ඩි කොක් ඉවත් කිරීම හේතුවෙන් නවක ක්‍රීඩක හෙයින්රිච් ක්ලාසෙන් කඩුලු රකින්නා ලෙසට කණ්ඩායමට කැඳවීමට නියමිතයි.
එය ඔහු එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව එය වනු ඇති.
ක්වින්ටන් ඩි කොක් පසුගිය දින 10 ක කාලය තුල දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආබාධයන්ට ලක්වු තුන්වන ක්‍රීඩකයායි.
මේ වන විට නායක පෆ් ඩු ප්ලෙසි ද ආබාධයකට ලක්වීම හේතුවෙන් විවේක ගන්වා තිබෙනවා.
එමෙන්ම ඒ බී ඩිවිලියස් ද ආබාධයට ලක්ව සිටිනවා.
කෙසේවෙතත් ඔහු ඉන්දියාව සමග පැවැත්වෙන හතරවන එක්දින තරගයට එක්වන බවයි වාර්තා වන්නේ.
තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් ඉන්දියාව මේ වන විට පෙරමුණේ පසුවනවා.
ඊයේ පැවති දෙවන එක්දින තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්වුයේ මව් රටේදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ද වාර්තා අතරට එක්කරමින්.