Gossips

සතියක කාලයක් දඹුල්ලේ සුරාසැල් වැසේ

වෙසක් උත්සව සමය වෙනුවෙන් ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි ලබන මැයි මස 2 වනදා දක්වා දඹුල්ල අවට සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
දඹුල්ල රාජමහා විහාරස්ථානයේ සිට සැතපුමක සීමාව තුල සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීම සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දඹුලු රාජමහා විහාරයේ වෙසක් පොසොන් කමිටුව විසින් කරන ලද යෝජනා සම්මතයක් අනුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කළ ඉල්ලීමකට අනුව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.
මේ අතර ලබන 29 සහ 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් ද වසා තැබෙනවා.
එමෙන්ම එම දිනවල සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නතර කිරීමට, සත්ව ඝාතනය සිදු කෙරෙන ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට මෙන්ම මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙසටයි රජය දන්වා ඇත්තේ.