Gossips

වත්තල දී බැංකුවක් කොල්ලකයි

වත්තල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් කොල්ලකා තිබෙනවා.
අද (27) පස්වරු 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
අනතුරුව බැංකුව තුලට ගිය සැකකරු කවුන්ටරයේ තිබු මුදල් කොල්ලකා පැමිණි යතුරුපැදියෙන්ම පළාගොස් තිබෙනවා.
සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
වත්තල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.