Gossips

දකුණු කොරියාවට ගිය උතුරු කොරියානු නායකයා දිවා ආහාරයත් නොගෙන යළි උතුරු කොරියාවට

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් කොරියානු දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් නගරයේ දකුණු කොරියානු පාර්ශවයේදී අද එකිනෙකා මුණ ගැසුනා.
ඒ අනුව 1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු දේශසීමාව තරණය කළ ප්‍රථම උතුරු කොරියානු නායකයා වන්නේ කිම් ජොං අන්.
මෙම ගමනේදී සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත අතර න්‍යෂ්ටික අවි සහ මිසයිල අත්හදා බැලීම් අත්හැරීමට උතුරු කොරියාව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති.
මේ අතර දකුණු කොරියාව පැමිණි උතුරු කොරියා නායකයා දිවා ආහාරය සඳහා නැවත උතුරු කොරියාවට පැමිණෙන අයුරු මේ වන විට විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.
මෙහිදී උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියාවේ සිට දේශ සීමාව තරණය කරමින් නැවත උතුරු කොරියාවට ගමන් කිරීමට සුඛෝපභෝගී මෝටර් රථයට ගොඩවනවා.
කිම් ජොං අන් ගොඩවූ මෝටර් රථය දේශ සීමාව තරණය කරමින් නැවත උතුරු කොරියාවට ගමන් කරන තෙක්ම ආරක්ෂකයින් 12 දෙනෙක් කිම් ජොං අන් ගමන් කළ මෝටර් රථය අසලින් ආරක්ෂාවට ගමන් කරනවා.
කෙසේ වෙතත් දකුණු කොරියාවට පමිණි උතුරු කොරියානු නායකයා දකුණු කොරියාවෙන් දිවා ආහාරය නොගෙන ඒ සඳහා උතුරු කොරියාවට පැමිණීම පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක්.
මෙම සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අයුරින්.