Gossips

ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජුලි 13 වන සිකුරාදා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (26) නිවේදනය කළා.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී බලයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව මෙයයි.
සාමාන්‍යයෙන් ඇමරිකානු නායකයෙකු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස බ්‍රිතාන්‍යය තෝරා ගනු ලැබුව ද, තමන්ට එරෙහිව පැවති දැඩි විරෝධය හේතුවෙන් ජනපති ට්‍රම්ප් එම පියවර අනුගමනය කළේ නැහැ.
කෙසේ නමුත්, මෙවර බ්‍රිතාන්‍ය සංචාරයේදී ද ඔහුට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂිතයි.