විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය විසින් ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 20,980 ක් අසුරා ,රැගෙනවිත් ඇති අතර , එහි වටිනාකම රුපියල් 10,49,000 ක් බවයි රේගු නිලධාරින් පැවසුවේ.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගුවන්තොටුපල රේගුව විසින් සිදුකරනවා.
එමෙන්ම මෙම චීන ජාතික කාන්තාවට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබෙනවා.