Gossips

ලොවක් ආදරය කළ DJ Avicii අභිරහස් ලෙස මියගිය හැටි ලොවම කළඹමින් එළියට එයි

හදිස්සියේ මිය ලොව සුපිරි DJ ශිල්පී අවිචිගේ මරණයට හේතුව පළමු වරට පවුලේ අය හෙළි කරයි
ඕමානයේ මස්කට් නුවරදී හදිසියේ මිය ලොව සුපිරි DJ ශිල්පියකු අවිචිගේ හදිසි මරණයට හේතුව පවුලේ සාමාජිකයින් පළමු වරට හෙළි කර තිබෙනවා.
ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවයි පවුලේ උදවිය පවසන්නේ.
කෙසෙවුවත් අවිචිගේ මාධ්‍ය ප්‍රකාශිකාව ඔහුගේ මරණය සිය දිවි හානි කරගැනීමක් නොවන බවයි පවසන්නේ.
ලොව පුරා දහස් ගණන් රසිකයින්ගේ ආදරය දිනාගත් DJ අවීචි 2016 වසරේදී ප්‍රසංග පැවැත්වීමෙන් තාවකාලිකව සමුගත්තේ ඔහුට දැඩි කායික සහ මානසික පීඩනයකට ලක්වී සිටීම හේතුවෙන්.
මේ අතර කලා ලොව තුළ DJ Avicii ලෙස ප්‍රසිද්ධියට පත්වුවද ඔහුගේ සැබෑ නාමය වූයේ ටිම් බර්ග්ලින්.
ඔහුගේ හදිස්සි මරණයත් සමඟ ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඔහුට මෙම ආදේශක නාමය පැමිණි ආකාරය වෙතයි.
කෙසේ වෙතත් එම හේතුව ඔහු මීට පෙර සඳහන් කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී ඔහු පවසන්නේ තමන් සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ තම සත්‍ය නාමය වන ටිම් බර්ග්ලින් යන නාමය යොදාගෙන ගිණුම් නිර්මාණය කර තිබූ බවයි.
ඒ අනුව ආදේශක නාමයක් ඒ සඳහා යොදා ගැනීමට සිදුවූ බවයි ඔහු පවසන්නේ.
මෙලෙස ආදේශක නාමයක් යොදාගැනීමේදී බුදුදහමේ එන නරකම අපාය වන අවීචි මහ නරකාදිය එනම් Avicii කියන නාමය තමන් ඒ සඳහා යෙදූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔහු අදාළ සිදුවීම පිළිබඳව පැහැදිළි කළේ මේ අයුරින්.
rn