Gossips

අයි.සී.සී සාමාජික රටවල් සියල්ලට 20 යි 20 ජාත්‍යන්තර වරම්

සාමාජික රටවල් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟ ජාත්‍යන්තර තරඟ ලෙස පිළිගැනීමට අයි.සී.සී. ය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි සියලු රටවලට විස්සයි විස්ස අංශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් වරම් හිමිවනු ඇති.
මේ වනවිට රටවල් 104 ක් එහි සාමාජිකත්වය දරනවා.
නව තීරණය ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මකයි.
දැනටමත් අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය රටවල් 12 කටද, හවුල්කාර සාමාජිකත්වය රටවල් 92 කටද හිමිව තිබෙනවා.