Gossips

උතුරු කොරියානු නායකයා දකුණු කොරියා දේශසීමාව තරණය කරයි

1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් දේශසීමාව තරණය කළ ප්‍රථම උතුරු කොරියානු නායකයා වෙමින්, දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද උදෑසන ගමන් ආරම්භ කළා.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු නායකයා මුණ ගැසුණේ දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් නගරයේ දකුණු කොරියානු පාර්ශවයේදීයි.
මෙම ඓතිහාසික සාකච්ඡාවේදී න්‍යෂ්ටික අවි සහ මිසයිල අත්හදා බැලීම් අත්හැරීමට උතුරු කොරියාව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවනු ඇති.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ද ජුනි මාසය මුලදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
එය බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු සමඟ පවත්වන ප්‍රථම හමුව ලෙසයි සැලකෙන්නේ.
උතුරු කොරියානු ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ අන්තර් කොරියානු සබඳතා සහ සාමය හා සශ්‍රිකත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන සිය නායකයා දකුණු කොරියානු ජනාධිපතිවරයා මුණ ගැසෙන බවයි.
එමෙන්ම, කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීම ද සිය අරමුණක් බව එමගින් ප්‍රකාශ කළා.
මේ අතර එහිදී සිදුවූ සුවිශේෂ සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
දේශසීමාව හරහා මුල්වරට දකුණු කොරියාවට පැමිණි කිම් ජෝන් අන් පිළිගැනීමට අනෙක් පස පැමිණ සිටි කොරියානු ජනාධිපති මූන් ජායි කැඳවාගෙන නැවත උතුරු කොරියාවට ගමන් කිරීමයි.
එම සුවිශේෂ හමුව සිදුවූ අයුරු පහතින්.
rnrnrn