Gossips

ජනපතිගෙන් හදිස්සියේම විශේෂ නියෝගයක්

ජනපතිගෙන් හදිස්සියේම විශේෂ නියෝගයක් "
ජනපති උපදෙසින් වියානි ඇළට කඩිනමින් වැටක්
පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගෙන වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සඳහා යන රුපියල් මිලියන 26 ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්.
වියානි ඇලේ ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අනතුරු කිහිපයක් වාර්තා වුණා.
ආසන්නතම අනතුර වාර්තා වූයේ ඊයේ අලුයම උපකාරක පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගි ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමඟයි.
එම අනතුර සිදුව තිබුණේ මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදීයි.
මෙම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද දිනයේදීත් නාවික හමුදාව, පොලිසිය මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, පොලිසිය ඔහුගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් ඔස්සේද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ, අතුරුදන්ව සිටින උපකාරක පන්ති ගුරුවරයා සමඟ ජීප් රථය ඇලට වැටුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහායී.
බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ අලුයම වියානි ඇළට පෙරළී තිබූ අතර, එය ගොඩට ගනු ලැබුවා.
පසුව අදාළ ජීප් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු එය පදවා ඇති බවයි.
අලූයම දෙකට පමණ කතරගම යන බව පවසමින් ඔහු ගෙදරින් පිටත්ව ඇති අතර, පසුව හිඟුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලකින් වාහනයට ඉන්ධන ද ලබාගෙන තිබෙනවා.
ඔහු පිරවුම්හලේ සේවකයාට ද පවසා ඇත්තේ තමන් කතරගම යාම සඳහා පිටත්ව යන බවයි.
සිද්ධිය පිළිබඳව අදාළ උපකාරක පන්ති ගුරුවරයාගේ පවුලේ ඥාතීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.