Gossips

හෑෂ් මත්ද්‍රව්‍ය කොටුකළ මෙහෙයුම

විදේශිකයින්ගෙන් මෙන්ම මෙරට ධනවත් තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් හෑෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින මහාපරිමාණ ජාවාරමක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා ඊයේ අප අනාවරණය කළා.
හික්කඩුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය මෙම ජාවාරම වටලනු ලැබුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.
අද හිරු සී.අයි.ඒ. අනාවරණය එම වැටලීම පිළිබඳවයි.
මෙරටට පැමිණෙන විදේශකයින් හා මෙරට ධනවත් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් හෑෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින මධ්‍යස්ථානයක් හික්කඩුව නාරිගම ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගොස් තිබුණා.
ග්‍රෑම් 2 ක බරකින් යුත් මෙම කැබැල්ලක් ඔවුන් අලෙවි කරනුයේ රුපියල් 5000 ක් පමණ මුදලකටයි.
එම ජාවාරම පිළිබඳව උපායදූතයින් යොදවා තොරතුරු රැස්කර ගත් වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා ඊයේ මෙම ස්ථානය වැටලීමට කටයුතු කළා.