Gossips

ස්වභාවික ද්‍රව වායු බලාගාර ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

ස්වභාවික ද්‍රව වායු බලාගාර ඉදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ඉන්දියාවේ ආධාර මත මෙගාවොට් 500 ක බලාගාරයක්, චීනයේ ආධාර මත මෙගාවොට් 400 ක් ලබාගත හැකි බලාගාරයක් සහ ජපානයේ ආධාර තුලින් මෙගාවොට් 500 ක ස්වභාවික ද්‍රව වායු බලාගාර ඉදි කෙරෙනු ඇති.
ඊට අමතරව කොරියාව සමග සම්බන්ධ වී ස්වභාවික ද්‍රව වායු ඉක්මනින් ලබාගත හැකි සංචිතයක් ඉදි කිරීම සඳහා ද එම කැබිනට් පත්‍රිකාවෙන්ම අනුමැතිය ලැබුනු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය වන මිශ්‍ර ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අනුමැතිය ද ලබාගත් බව විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළා.