Gossips

වියානා ඇළට වැටුණු ටියුෂන් ගුරුවරයා තවමත් අතුරුදන් (ඡායාරූප)

මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා තවමත් අතුරුදන් වී සිටිනවා.
ඔහු සොයා බෝට්ටු 2 ක් යොදා ගෙන ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මෙහෙයුමක් දියත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය අද අලූයම වියානි ඇළට පෙරළී තිබූ අතර, එය ගොඩට ගනු ලැබුවා.
පසුව අදාළ ජීප් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු එය පදවා ඇති බවයි.
අලූයම දෙකට පමණ කතරගම යන බව පවසමින් ඔහු ගෙදරින් පිටත්ව ඇති අතර, පසුව හිගුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලකින් වාහනයට ඉන්ධන ද ලබාගෙන තිබෙනවා.
ඔහු පිරවුම්හලේ සේවකයාට ද පවසා ඇත්තේ තමන් කතරගම යාම සදහා පිටත්ව යන බවයි.



ඡායාරූප – මහියංගණය රංජිත් කරුණාවීර