Gossips

රුපියල අවප්‍රමාණය වීම ණය ගෙවීමට ගැටලූවක් නැහැ – මහ බැංකුව කියයි

රුපියලේ අවප්‍රමාණය විදේශ ණය ගෙවීම සදහා ගැටලූවක් නොවන බව මහබැංකුව ප්‍රකාශ කරනවා.
ඇමරිකානු ඩොලර් මගින් ණය ගැනීම් සිදුකර ඇති අතර, ණය ගෙවීම්ද ඇමරිකානු ඩොලරයෙන්ම සිදුකරන නිසා ණය ප්‍රමාණයේ ඉහළ යාමක් සිදුනොවන බවයි මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මහබැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත පිළිගන්වනු ලැබුවා.
අද පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මහ බැංකුව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පසුගිය වසරේදී මෙරට ආර්ථිකය සියයට 3 යි දශම 1 ක අඩු මූර්ත වර්ධනයක් වාර්තා කර ඇති බවයි.
එහෙත් මෙම වසරේදී 5% ක් හෝ ඊට තරමක අඩු ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.