Gossips

සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාගෙන් CID ය ප්‍රශ්න කරයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඔහු ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබා ගත් බවයි.
සයිටම් ආයතනයේ සේවය නිමවා යළි නිවස වෙත යමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ පසුගිය වසරේ පෙබරවාරි මස 6 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 19 වනදා කඩුවෙල මහ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන අරුණ ලක්මාල් විලත්ගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.